À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 10 |

A+ A-

    ” මේ ඕයි! ”

බිස්කට් පහක් හම්බුන එකෙන් දෙකක් කාල තුනක් කොල කෑල්ලක ඔතලා සාක්කුවෙ දාගත්තෙ පොඩි එකාගෙ ඇස් මතක් වෙද්දි ඌ ආස රහක් තිබ්බ කිසි දෙයක් උගුරෙන් පහලට යන්නැති හින්දා.

    තේ කෝප්පෙ හෝදන ට්‍රේ එකෙන් තියල බිස්කට් ටික සාක්කුවට දාගද්දි එකපාරටම කන අස්සෙ කෑගැහුව කට හින්දා මං ගැස්සිල ආපස්සට වැටුනෙ නැති ටික විතරයි.

      දැන් සතියක් මම මේකෙ වැඩ කරන්න වෙලා. දැන් මුලින් තරම් බයක් නොදැනුනාට තාම බාස්ලගෙන් අත්වැඩට ඉන්න අයියලගෙන් නොසෑහෙන බැනුම් ඇහුවා. කේන්ති ගියාම බැනල ඊටපස්සෙ ටිකකින් උන් මාව ආතල් එකට අරන් අහස හෙල්ලෙන්න හිනාවෙන්න මාව දඩමීමා කරගත්තා.

       ‘ කොරවක්කට දැන් නෙලුම් කොළේ හුරුයි වාගෙ.. ‘

     ‘ හුරුයි හුරුයි… තව ඩිංගෙන් මගෙ ඇහැ කනෙන් ගන්නවා කම්බි කූරක අමුනලා.. ‘

    කතාව ඇත්ත.. මං අතින් අනිත් මිනිස්සුන්ගෙ ජීවිත අනතුරේ වැටුණ වාර අනන්තයි මේ දවස් හයට.. ඒත් උන් හිතේ කහටක් තියාගත්තෙ නෑ.. එවෙලෙට ඩිංගක් කෑගහල පස්සෙ කරට අත දාගෙන මාව තේ බොන්න ඇදගෙන ගියා මිසක්.

    මං පුළුවන් තරම් පරිස්සමට වැඩ කරන්න හදනකොට මගෙ වැඩවල වේගෙ මදි වුණා.. වේගෙන් වැඩ කරද්දි මගෙ පරිස්සම අඩු වුණා. වෙලාවකට මට ඔක්කොම දමල ගහල මේකෙන් බැහැල ගෙදර ගිහින් පොඩි එකාව බදාගෙන නිදාගන්නයි ඕන කළේ.. ඒත් දැන් මගෙ ජීවිතේ ‘ අතාරිනවා ‘ කියන්නෙ ඔප්ශන් එකක් නෙවෙයි. මට අතාරින්න බැරි හේතුවක් මං ටොෆියක් හරි චොකලට් එකක් හරි අරන් එනකල් අනුන්ගෙ හෙවනක මග බලාගෙන උන්නා.

        ” ක්‍රේන් එක කනේ වදිනකල් ද බලන් ඉන්නෙ?! අහකට වෙනවා මොනාද කරන්නෙ?! ”

     හුරුපුරුදු නපුරු ඇස් මං ඉස්සරහට ආයෙත් ආවෙ මට බනින්න.. කෑගහන්න. මට මුලින් කියන්නෙ මොනාද තේරුන්නෑ. මං හිටගෙන බලාගෙන ඉද්දි ‘ ලොකු ඉන්ජිනේරු මහත්තයා ‘ මාව ඇදගෙන කොන්ක්‍රීට් ස්ලැබ් එකේ ටික දුරක් ගිහින් මාව තල්ලු කරලා වගේ අතෑරියා.

      ” ගයාශාන් කවුද මේ පිස්සන්ව වැඩට ගන්නෙ?! ” දෙව්දුන් අයියා වගේ නෙවෙයි.. ගයාශාන් සර් හරි අහිංසක.. ඒ හැටි උසක් මහතක් නැති.. කම්කරුවො කියල නොබලා අපි එක්ක කරට අත දාන් විහිලුවක් කරගෙන ඉන්නෙ චූටි ඉංජිනේරු මහත්තයෙක්.. බාස්ලා ගයාශාන් à·ƒ’ට විහිලුවට කතා කරෙත් ඒ නමෙන්.. ‘ චූටි ඉංජිනේරු මහත්තයා ‘

    ගයාශාන් සර් අත කහ කහ.. මං දිහයි වටේ බලන් ඉන්න බාස්ලා දිහායි බැලුවෙ දෙන්න උත්තරයක් හිතාගන්න බැරුව. වැඩ කරන දහ දෙනාගෙම අවදානය ලොකු ඉංජිනේරු මහත්තයගෙ කටේ සද්දෙට අපි දිහාවට හැරිල තිබුණෙ ඒ වෙද්දිත්.. මට මහ ලැජ්ජාවක් වගේ දැනෙන්න ගත්තා.

ඒ වගේම දුකක්..

ඇයි තවත් මට මේම සලකන්නෙ..? අවුරුදු ගානක් දඩුවම් වින්දෙ නැද්ද මම? අනික මොකද්ද වරද?..

      දෙව්දුන් අයියා මට අලුවෙනකල් රවලා රවලා අලු පුච්චන්න බැරි හින්දා වගේ එතනින් ගියා. මගෙ ඇස් ගියෙ වසන්තෙ අයියා දිහාවට..

    ඌ දැන් ටිකක් ශේප්. ඒත් තාම ලොකුවට කතාබහක් තිබුන්නෑ. මේ සිද්ධිය හින්දා පොරට ආයෙත් යකා ආරූඩ වෙලා කියල ඒ බැල්මෙන් මං දැනගත්තා.

    මට ඒකට කරන්න දෙයක් නෑ නෙ.

කොච්චර අනතුරුදායක වුණත් මට හැමදාම සෙරෙප්පු කෑලිවල එල්ලිලා සොච්චම් පඩියකට කඹුරන්න බෑ. මේක කරලා කීයක් හරි ඉතුරු කරගෙන පොඩි එකා අරන් රටවත් යන්න මට පුළුවන් වුනොත්..

ඒව ඉතින් හීන ම විතරයි..

ඒත් මෙහෙ මිනිස්සු මගෙ දරුවා දිහා බලන විදිය මට දරන්න අමාරුයි බං.. දුප්පත් කොල්ලෙක්.. අම්මෙක් නැති කොල්ලෙක්.. අම්මා දාල ගිය කොල්ලෙක්.. හිඟන කොල්ලෙක්… ලෙඩ කොල්ලෙක්.. පිස්සු කොල්ලෙක්…

මේවගෙන් දෙක තුනක් විතරයි මම වචනෙන් ඇහුවෙ.. ඒත් ඒ ඇස්වල මම ඉතුරු සේරමත්… තව ගොඩකුත් ලියවිල තිබුණා. ඒ වෙලාවට එලියට ආවෙ කේන්තිය වුණාට හිත අස්සෙන් මං කෑගහල ඇඩුවා.. මට ඇඩුනා.

සුද්දො අපේ උන්ට වඩා හොද ඇති ද?… එහෙම ඇති. මෝඩයො දෙතුන් දෙනෙක් ඇරෙන්න සුදු මිනිස්සු මේ ලෙඩ ගැන දැනුවත්.. උං අපේ උඩින් ඔපේ යටින් හපේ ටයිප් දෙපත් නයින්ට වඩා හොද ඇති කියලමයි මට හිතුනෙ..

   මට ආස හිතුනෙ කැනඩාව වාගෙ රටකට යන්න. එහෙ සුද්දො අනිත් රටවල මිනිස්සුන්ට වඩා හොදයි කියල මම අහල තිබුනා.

    පොඩි එකා ආස වෙයි හිම බෝනික්කො හදන්න.. උට ආස හැම ජාතියකම චොකලට් අරන් දෙන්න තිබුනා මට.. ලස්සන බෝනික්කන්ගෙන්.. සෙල්ලම් කාර් වලින් කාමරේ වහනවා එහෙනම් මම. ලස්සන චූටි වලස් පැටියෙකුගෙ ඇදුමක් අන්දලා හුරතලේ බලන්න ආස හිතුනා මට..

    එහෙදි මේ වගේ රස්සාවකට වුණත් මීටවඩා හොද පඩියක් ලැබෙනවලු නෙ. එහෙ නං සෙරෙප්පු හැදුවත් අපි දෙන්නට ලස්සනට ජීවත් වෙන්න ඒක ඇති වෙයි.. ඒත් එහෙ බෙහෙත් මෙහෙට වඩා සෑහෙන ගණන් ඇති…

     දරුවට හොදට උගන්නගෙන ඌ තැනකට දාන එකයි මට වැදගත් ම.. එහෙ ගිහිල්ලා මං මීටත් වඩා අතරමං වෙලා නන්නත්තාර වෙයි…

      හවස දෙකට විතර  උඩ තට්ටුවට ශටලින් ගහන වැඩ පටන්ගන්නවත් එක්කම වාගෙ ගයාශාන් සර් මං ලඟට ඇවිත් නැවතුනා.

     ” හංස.. ඔයාව ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ වැඩවලට දාල.. පහළට යං.. ”

     මං ලඟ ඉදපු වසන්තෙ අයියා හැරිල බැලුවෙ මේක අලුත් සිදුවීමක් නිසා වෙන්න ඇති. අන්දුන් කුන්දුන් වෙලා හිටියත් මම ගයාශාන් à·ƒ’ පිටිපස්සෙන් පහළ ම තට්ටුවට ගියා..

   ඒවගෙ වැඩ ගොඩක් දුරට ඉවරයි. දැන් තිබුනෙ ලෑලි කෑලි එහෙට මෙහෙට දාල සුද්ද කරන වැඩ… ශටලින් ගලවන වැඩ වගේ පොඩි පොඩි වැඩ.. මං වගේම පොඩි කොල්ලො ටිකක් එතන හිටියෙ.. බාස්ලා හිටියෙ නෑ.

  මුලු බිල්ඩින් එකම කොන්ක්‍රීට් දාල ඉවර වෙලා තමයි මේවගෙ ඉතුරු වැඩ පටන්ගන්නෙ.

     දෙව්දුන් අයියගෙ ඔෆිස් එක තිබුනේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ කියල මම දැනගත්තෙ අහම්බෙන්.. පොර ජනේලෙ ලගට වෙලා කෝල් එකක ඉන්නවා මම දැක්කා.. මාව දැකල මූණ පුම්බගෙන ඇතුලට යන හැටි බලාගෙන මමත් අහක බලාගත්තා විතරයි.. ඉස්සර වගේ ඕව ඉස්සරහ දියවෙල වැක්කෙරෙන හිතක් නෙවෙයි මට දැන් තිබුණෙ.. උගෙ ලොකුකම උට.. එච්චරයි.

     ඇත්තටම හිතද්දි.. ඒ කාලෙ මම ඕලෙවල් කරපු පොඩි කොල්ලෙක්.. දෙව්දුන් අයියා කැම්පස් ඉන්න ලොකු අයියෙක්..

   ඒත් දැන්.. මං වගකීම්වලින් හිරවෙලා ඇඹරිච්ච තාත්තෙක්… ඌ තාම කැම්පස් ඉදලා ජොබ් එකක් කරන කොල්ලෙක් විතරයි.. ඒ ජොබ් එකේ වගකීම් තිබුණෙ බිල්ඩිමක් එක්ක. ඒත් මගෙ ජීවිතේ වගකීම් ඔක්කොම පනගැහෙන ඇබින්දං හදවතක් එක්ක..

    මට හිතුනෙ දැන් මං උට වඩා පරිනතයි කියල..

     ඒත්.. දෙව්දුන් අයියා බැඳලා ඇති කියල ඇයි මං හිතන්නෙ නැත්තෙ?..

   ඒ ගැන හිතද්දි පපුවට අකුනක් වැදුනා වගේ දැනුනා.. මං ආස කරපු පපුවෙ උනුහුම වෙන ගෑනියක් හරි මිනිහෙක් හරි විදිනවා නං.. මගෙ දරුවගෙ අප්පච්චි කරන්න මම හීන බලපු බෙල්ලක මගෙ දරුවට එල්ලෙන්න අවසර නැති වෙලානං…?

මට හීල්ලුනෙ ඉබේම..

ඇස්වලට කදුලු ආවෙ පරිනතයි කියල ලොකුව දාපු මාව පත නරියෙක් කරලා.. මං කමිසෙ අත උස්සලා මගෙ ඇස් පිහගත්තා.. මට දැනුන අසරණකම දන්නෙ මංම විතරයි.. උඩ ඉන්න දෙවියොවත් කොහෙ ඒක දැනගන්නද? මං උට ආදරේ කරපු තරං උඩ ඉන්න දෙවියොවත් උන්ගෙ දිව්‍යාංගනාවන්ට ආදරේ නොකරන්න ඇති..

       කල්ප ලක්ෂ ගණන් ලගින් ඉදලා ඒ දෙව්දූවරු නොවින්ද තරං ආදරේ ඒ මාස කීපයට මං අතින් අර මනුස්සයා විදින්න ඇති.. දැන් රවන්නෙ එච්චර කරපු මේ මටනෙ.. ඉතින් රවපං.. ගොරවපං.. තවත් තරහ අඩු නැත්තං ගහලත් දාහං.. එක පොඩි වැරැද්දකට උබ මට දුන්න තරං දඩුවම් යම රජ්ජුරුවො දේවදත්තටත් නොදෙන්න ඇති..

      මං උබ ඉස්සරා එච්චර පව්කාරයි අයියෙ.. දැන් රිදෙන්නෙත් නැති තරං උබ මගෙ හිතම තලලා හිරිවට්ටල ඉවර ඇති.. ඒ හිරිවැටීම් අස්සෙනුත් රිද්දන්න තරං උබ හෙන නපුරු දුශ්ට පකයෙක්.. එච්චරයි මං උබ ගැන දැන් දන්නෙ..

එදා මගෙ හිතේ වැලලිල තිබ්බ තුවාල.. පැසවපු විසර ගෙඩි.. අර දුශ්ට මිනිහා පිහියක් අරන් පාරලා ගැඹුරට කපනවා වගේ මට දැනුණෙ.. ඒ මදිවට කොයි වෙලෙත් රව රව එහෙට මෙහෙට යනවා..

ඔය ලොකුකම් පෙන්නන්නම වෙන්න ඇති මාව මෙතෙන්ට ගෙනත් දාගත්තෙත්..

    මං ඉන්න තත්වෙ දන්නවනං මූ තවත් මට මෙහෙම කරයිද කියල හිතන්න මම උත්සහ කරා..

කරයි..

මූ හිතක් පපුවක් නැති දුශ්ටයෙක්.

      ” තාත්ති! ”

සාක්කුවේ තිබ්බ බිස්කට් තුන දිගෑරල මං කොලුපැටියට දුන්නෙ ඌ වඩාගන්න කලින්. ඩේකෙයා එකේ ඉදපු.. අනිත් අම්මලා ලොකු ටීච කිව්ව කාව්‍යා මිස් පොඩි එකාගෙ කැප් එක ගෙනත් මං අතේ තිබ්බා..

    පොඩි එකා අඩන්න ඇති. ඇස් රතු වෙලා තිබ්බා.. ඌ මගෙ බෙල්ලෙ ඔලුව ගහගෙන අතේ ඇගිලි එක දිගට නවන්න දිගාරින්න.. නවන්න දිගාරින්න ගත්තෙ ඉස්සරහට පස්සට පැද්දෙන ගමන්..

    ” එපා.. ”

” කන්න මැනික.. තාත්ති කෝතු ගෙනාවෙ මගෙ පුතාටනෙ.. ”

   ” එපා.. ” කොල්ලා දෙවනි වතාවත් බිස්කට් ටික මගෙ පපුවට තියල තල්ලු කරපු හින්දා මං ආය බල කරන්න ගියෙ නෑ.. මං කාව්‍යා මිස් දිහා බැලුවෙ උත්තර බලාපොරොත්තුවෙන්..

      ” මායුර් අද පොඩ්ඩක් විතර නෝටි වැඩක් කරලා කෝන’ එකේ හිටියා.. දැන් ටීච එක්ක තරහ වෙලා.. ” කාව්‍යා මිස් කොල්ලගෙ ඔලුව අතගාන ගමන් හයියෙන් කිව්වට.. මට ඔලුවෙන් ඉගි කරේ දරුවා බිම තියල එයා එක්ක ටිකක් පැත්තකට එන්න කියලා.

      ” මායුර්ගෙ තාත්තා.. ”

  ” මොකද්ද මිස් පුතා කළේ? ”

    ” ලොකු දෙයක් නෙවෙයි.. එයාගෙ කන්ඩිශන් එක මම දන්නවනෙ මායුර්ගෙ තාත්තා.. බබා යාලුවෙකුගෙ පැස්ටල් එකක් කඩලා.. ඒත් අනිත් ළමයින්ට විතරක් පනිශ් කරලා මෙයාට නොකර ඉන්න මට බෑනෙ.. මම කෝන එකේ විනාඩි පහක් තිබ්බා.. බබාගෙ කන්ඩිශන් එකත් එක්ක එකපාරටම එයාගෙ එන්වයරමන්ට් එක වෙනස් වුණ එකට එයාට හුරු වෙන්න අමාරු නිසා act up කරනවා ඇති.. තාත්තා ගෙදරදි ටිකක් වැඩිපුර මායූර් එක්ක සෙල්ලම් කරන්න.. දවසෙ විස්තර අහන්න.. එතකොට ඔය ගතිය ඉක්මනට ඇරිල යයි. ”

කාව්‍යා මිස් එයාට තේරෙන විදියට පැහැදිලි කළා.. එක අතකට දරුවටත් අනිත් ළමයින්ට වගේම දඩුවමක් ලැබුන එක හොදයි. එයා වෙනස් කියල හයිලයිට් වෙනවට වඩා සාමාන්‍ය දරුවෙක් විදියට අනිත් ළමයින්ට විතරක් නෙවෙයි මොනර පැටියටත් දැනෙන එක හොද දෙයක්. ඒ වාගෙම කොල්ලා ආයෙත් වැරැද්දක් කරන්න කලින් දෙපාරක් හිතයි..

   මට තාත්තා විදියට මැනික වරදක් කළත් සැර කරන්නත් හරියට දුක හිතුනා. මිස් කරපු දේ හරි කියල එවෙලෙ මට තේරුණා.. හරිනම් මමයි දරුවව ඩිසිප්ලින් කරන්න  ඕන.. ඒත් මගෙ අප්පච්චි මට සලකපු විදියෙ වැරැද්ද විතරක් දැකපු මම.. මේ විදියෙත් වැරැද්දක් තියෙනවා කියල අද වෙනකල් තේරුම් අරන් තිබුන්නෑ.. මධ්‍යම ප්‍රතිපදාව තමයි ඕනම දේකදි නිවැරදිම ක්‍රමය.. යක්කු වගේ ගහල බැනල කෑගහන එක නෙවෙයි… ආදරෙයි කියල දරුවො නාස්ති කරන එකත් නෙවෙයි දෙමව්පියො කරන්න ඕන..

   

     පොඩි එකා ආපහු වඩාගෙන මම ගේට්ටුව ලඟ නවත්තල තියෙන වසන්තෙ අයියගෙ වීල් එකට ගියා.. හැමදාම උදේ හවා මාව වැඩට එක්ක ගියෙ ගෙනත් දැම්මෙ වසන්තෙ අයියා.. ඒත් වැඩි කතාබහක් නෑ..

  ඒත් අද වෙනදට වඩා සැහැල්ලුවෙන් පොර මට කතා කරේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ වැඩ සෙට් වුන සතුටට වෙන්න ඇති. උඩ වැඩවලට ගිහින් වැටිල මැරෙයි කියල මූ බයේ ඉන්න ඇත්තෙ..

ඒත් මට ඒ රැකවරණය අද කලින්ටත් වඩා වදයක් වගේ දැනෙන්න ගත්තා. පරණ කුනුගොඩ ආය කරගහල.. මෙච්චර කල් ලගින් ඉදපු මේ මනුස්සයව හලනවද මං කියලත් හිතුනෙ නැත්තෙ නෑ.

ඒත් පරණ කුනු ගොඩ මට අදටත් අයිති නෑ.. ඒක හෙටත් එහෙමයි. කවුරුත් මං ගැන වදවෙන්න ඕන්නෑ කියල නැවතීමේ තිත තියල මං කල්පනා පොත වහල දැම්මා.

නැවත හමුවෙමු

🤍🦢

පරණ කුනුගොඩවල් අපිට එපා 😒💔

Tags: read novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 10 |, novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 10 |, read À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 10 | online, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 10 | chapter, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 10 | high quality, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 10 | light novel, ,

Comment

Leave a Reply

Chapter 10